Student Reviews

Real experiences from S2A Chemistry students learning online and at our physical classes.

BR

Bhanuka Rasanjana

2026 Batch
Physical

ඇත්තටම කිව්වොත් සර් මං 1 Shy එකේ හිතන් හිටියේ මට කෙමෙස්ට්‍රි බෑ කියලා. කොටින්ම කීවොත් මං කෙමෙස්ට්‍රි පීරියඩ් එක නිසා ඉස්කෝලේ ඉන්නවත් කැමති නෑ ඒ කාලේ. මං 1 st ශයි එකේ එහෙම මහලොකුවට වැඩ කරපු කෙනෙක් නෙවෙයි. ඒත් වැඩ නොකළත් කවදාවත් මම Subject එකක් ෆේල් වෙනකන් බලන් ඉන්න කෙනෙකුත් නෙවෙයි. ඒ නිසා අඩුම S තුනක් අරන් ලැජ්ජාවෙන් බේරෙන්න කියලා හරි අඩුම තරමේ පාස් වෙන්න පුළුවන් මට්ටමට හරි වැඩ කරනවා. මම Agri ළමයෙක්. Bio, Agri දෙකට සාමාන්‍යයෙන් හොඳ රිසල්ට් එකක් එයි කියලා හිතෙනවා. ඒත් කෙමෙස්ට්‍රි පාස් ද ෆේල් ද වත් හරියට කියන්න බෑ. අඩුම තරමේ S එකක් වත් දාගන්න වැඩක් කරන්නවත් මට කිසිම දෙයක් තේරිලා තිබුනෙ නෑ. ඒ ගැන ලොකු පසුතැවීමක් දැනුනා එක්සෑම් ලං වෙද්දි. ඒත් අන්තිම කාලේ සර්ගේ වීඩියෝස් ඒම බලලා හිටියට වඩා දියුණු වුණා. එක්සෑම් එකට S එකක් හරි ඇවිත් පාස් වෙලා තිබුණොත් ඒ සර්ට පින් සිද්ධ වෙන්න තමයි. ඉතින් මං ඒ කාලෙම හිතාගත්තා එක්සෑම් ලිව්වට පහුවදා ඉඳන්ම සර්ගේ රිවිෂන් එනවා කියල එදා ආපු පළවෙනි දවසෙම සර්ව ගොඩක් හිතට අල්ලලා ගියා. කොටින්ම කිව්වොත් උගන්නන විදිය පට්ටයි. ඉතින් මට මේ පාර කියන්න තියෙන්නේ සර්ගෙන් ඉගෙනගෙනත් අඩුම C එකක්වත් ගන්න බැරි උනොත් මං කාලකන්නියෙක්. මොකද සර් උගන්වන විදිය ඒ තරම්ම සුපිරි. බිංදුවේ ඉන්න ළමයෙක්ට උනත් ඔලුවටම යනවා. අන්තිමටම කියන්න තියෙන්නේ සර් මෙඩිසින් ගියේ නැති එකට Thank you.. මොකද ඒම උනානම් තාමත් ගොඩක් ළමයි 2 nd, 3 rd ශයිවලත් කමෙස්ට්‍රි නිසා අතරමං වෙලා.. 🥺♥️

SD

Shashini Dilsara

2026 Batch
Physical

මම සර්ගේ තියරි ක්ලාස් එකට එන්න කලින් ක්ලාස් දෙකකට ගියා. මං දන්නෙ නෑ මුල ඉඳන්ම සර්ගේ ක්ලාස් එන ළමයිට මේක දැනෙනවද නැද්ද කියල. හැබැයි අර ක්ලාස් වලට ගිහින් ඉගෙන ගන්න එකත් එක්කම එපා වෙලා. මෙතෙන්ට ආවට පස්සේ තමයි මේකෙදි වෙන දේවල් වල වටිනාකම දැනෙන්නේ. බය නැතුව කට ඇරලා කෙමෙස්ට්‍රි නම් දැන් ෂුවර්' කියලා කියන්න පුළුවන් තැනට මාව ටික ටික අරගෙන ආවෙ සර් එක්කම සර්ගේ අර නිහතමානී Staff එක. කලින් ක්ලාස් වල තිබුනේ හිට්ලර් පාලනය වගේ එකක්. මරන්න ඇදගෙන යනවා වගේ මං ක්ලාස් ගියේ.ඒත් දැන් සිකුරාදා සෙනසුරාදා කියන්නෙම සතියම තියෙන ප්‍රශ්න අයින් කරලා ආයෙම ඔලුව ලස්සනට නිදහසේ Exam එකට Focus කරන දවස් දෙක. අනික් ඒවා වගේම Inorganic ටිකත් සුපිරියක්. හුඟක් පින් සර්ට ආයෙම අපේ වයසට ඇවිත් අපිව සතුටින් තියලා විෂය පොවනවට...

HP

Hansi Piyumika

2026 Batch
Physical

ඇත්තටම දැන් තමයි තේරෙන්නේ Inorganic කියන්නේ මොකක්ද කියලා.. කලින් නම් නම ඇහෙනකොටත් එපා වෙනවා.. මුලක්, මැදක්, අගක් ගලපගන්න තේරුනේම නෑ. සමහර තැන්වල ප්‍රතික්‍රියා, තවත් තැන්වල සංකීර්ණ, ආයෙ තව තැන් වල පාට ඒත් සර් මේ උගන්වන විදිය නම් Next ලෙවල්.. හැම කොටසක්ම හොඳට, පැහැදිලිව, පිළිවෙලකට, තර්කානුකූලව ඉගෙන ගන්නකොට මාරම විදියට ඔලුවට යනවා.. උගන්වනකොට තේරුණ කොටස ආයෙම අමතක නොවී තියාගන්න Day පේපර්ස් තියෙන Practise Book එකනම් සුපිරි... සර් කියනවා වගේම ඒකනම් මාරම වටින පොතක්.. ඉතින් මේ හැමදේකටම ගොඩාරියක් තැන්ක් යූ සර්..... ❤️❤️❤️

NT

Nipun Tharanga

2026 Batch
Physical

සර්ගේ ක්ලාස් එකට එන්න කලින් මම මහ මෝඩම මෝඩ ගොන් මැටි අලයක්.. කණාවට දාලා එහෙන් මෙහෙන් ලකුණු ටිකක් ගත්තේ.. ඒත් දැන් හරියට දැනගෙන ගාණ හදලා උත්තරේ අරගන්නේ.. මන් පිසික්ස් රෙකෝඩින් ඒවත් සර්ගේ ඒවා බලලා තමයි ප්‍රශ්න තියෙන ඒව හදා හදා ගන්නේ..සර් තමයි මට හම්බුන Cute ම, හුරතල් විදියට උගන්වන සර්.. මාරම Clear එකට Neat එකට පිළිවෙලට උගන්වනවා... හරිම ශෝක් ඕනි කෙනෙක්ට බය නැතුව එන්න කියන්න පුළුවන්. සර්ගේ ක්ලාස් එකට.... ඒ තරම් විශ්වාසයි සර්ව...

SI

Sadini Imalsha

2026 Batch
Online

2 nd ශයි එකේ සර්ගේ ක්ලාස් වල ඉගෙන ගන්නකොට තමා හිතුනේ 1 st ශයි එකේ මොනවද කෙමෙස්ට්‍රි, පිසික්ස් කියල ඉගෙන ගෙන තියෙන්නේ කියලා... හරියටම කෙමෙස්ට්‍රි ඉගෙන ගත්තේ සර්ගෙන්.. කලින් ශයි එකේදී කෙමෙස්ට්‍රි ක්ලාස් තුනක් මාරු කරා. ඒත් කවදාවත් මේ තරම් තේරෙන විදිහට හරියට ඉගෙනගෙන තිබුනෙ නෑ... පිසික්ස්, කෙමෙස්ට්‍රි පේපර් එකක් ලියන විදිහ පවා තේරුනේ සර්ගේ ක්ලාස් ආවට පස්සේ... සර් කියනවා වගේම Pass paper Tv එක වැඩ කරන ළමයෙක්ට නිධානයක් ❤️ සර්ගෙන් ඉගෙන ගන්න චාන්ස් එකක් ලැබෙන්නේ වාසනාවකට... මේ රටේ තියන Leading ම කෙමෙස්ට්‍රි , පිසික්ස් ක්ලාස් එක සර්ගේ වෙන දවස වැඩි ඈතක නෑ ❤️