Bhanuka Rasanjana
ඇත්තටම කිව්වොත් සර් මං 1 Shy එකේ හිතන් හිටියේ මට කෙමෙස්ට්‍රි බෑ කියලා. කොටින්ම කීවොත් මං කෙමෙස්ට්‍රි පීරියඩ් එක නිසා ඉස්කෝලේ ඉන්නවත් කැමති නෑ ඒ කාලේ. මං 1 st ශයි එකේ එහෙම මහලොකුවට වැඩ කරපු කෙනෙක් නෙවෙයි. ඒත් වැඩ නොකළත් කවදාවත් මම Subject එකක් ෆේල් වෙනකන් බලන් ඉන්න කෙනෙකුත් නෙවෙයි. ඒ නිසා අඩුම S තුනක් අරන් ලැජ්ජාවෙන් බේරෙන්න කියලා හරි අඩුම තරමේ පාස් වෙන්න පුළුවන් මට්ටමට හරි වැඩ කරනවා. මම Agri ළමයෙක්. Bio, Agri දෙකට සාමාන්‍යයෙන් හොඳ රිසල්ට් එකක් එයි කියලා හිතෙනවා. ඒත් කෙමෙස්ට්‍රි පාස් ද ෆේල් ද වත් හරියට කියන්න බෑ. අඩුම තරමේ S එකක් වත් දාගන්න වැඩක් කරන්නවත් මට කිසිම දෙයක් තේරිලා තිබුනෙ නෑ. ඒ ගැන ලොකු පසුතැවීමක් දැනුනා එක්සෑම් ලං වෙද්දි. ඒත් අන්තිම කාලේ සර්ගේ වීඩියෝස් ඒම බලලා හිටියට වඩා දියුණු වුණා. එක්සෑම් එකට S එකක් හරි ඇවිත් පාස් වෙලා තිබුණොත් ඒ සර්ට පින් සිද්ධ වෙන්න තමයි. ඉතින් මං ඒ කාලෙම හිතාගත්තා එක්සෑම් ලිව්වට පහුවදා ඉඳන්ම සර්ගේ රිවිෂන් එනවා කියල එදා ආපු පළවෙනි දවසෙම සර්ව ගොඩක් හිතට අල්ලලා ගියා. කොටින්ම කිව්වොත් උගන්නන විදිය පට්ටයි. ඉතින් මට මේ පාර කියන්න තියෙන්නේ සර්ගෙන් ඉගෙනගෙනත් අඩුම C එකක්වත් ගන්න බැරි උනොත් මං කාලකන්නියෙක්. මොකද සර් උගන්වන විදිය ඒ තරම්ම සුපිරි. බිංදුවේ ඉන්න ළමයෙක්ට උනත් ඔලුවටම යනවා. අන්තිමටම කියන්න තියෙන්නේ සර් මෙඩිසින් ගියේ නැති එකට Thank you.. මොකද ඒම උනානම් තාමත් ගොඩක් ළමයි 2 nd, 3 rd ශයිවලත් කමෙස්ට්‍රි නිසා අතරමං වෙලා.. 🥺♥️